පත්වන නව අගමැතිවරයා පිළිගැනීමට සූදානම් නොමැති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.
ජනතා නියෝජිතයන්ට අවශ්‍ය ආකාරයෙන් ඔලු මාරු කරමින් ජනතාවගේ හෙට දවසත් රටේ අනාගතයත් ජනතා අභිලාෂත් සමග සිදු කරන දේශපාලන සූදුව හෙළා දකින බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියේ.
එමෙන්ම මෙම ක්‍රීඩාව වහාම නතර කරන ලෙසට ඉල්ලා සිටින අතර රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස මෙය නොවන බව ද අගරදගුරු හිමිපාණන් සඳහන් කරනවා.