වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු පවසන්නේ පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව කරුණු සොයා බලන බවයි.
මේ අතර වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වරයා අද පැවසුවා.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ,මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර හිඟයට විසදුම් සෙවීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
මේ අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසන්නේ පොහොර ආනයනය සම්බන්දයෙන් අවසන් තීරණය හෙට ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවයි.
“හෙට උදේ 10.30 ට ජනාධිපතිවරයා සමග අපි විශේෂ සාකච්ජාවක් පවත්වනවා. තුන්වෙන කාණ්ඩයේ 4 වන කාණ්ඩයේ අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසරය ලබාගැනීම සඳහා.විශේෂයෙන් වල්නාශක, කෘමිනාශක හා දිලීර නාශකවලදී අපට අවශ්‍ය වෙනවා පළමු කන්නයට හෝ කන්න දෙකකට යනකල්. කාබනික වගාවට එකපාරට යන්න බෑ. කන්න තුනක් ඇතුළත දී 100%ක් කාබනික වගාවට යන්න බලාපොරොත්තු වෙනවා.”
රජය රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීම සිදුකලේ පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවය.
ඊට අදාල ගැසට් පත්‍රය මැයි 06 වනදා සිටයි ක්‍රියාත්මක කරනු ලැබුවේ.