fbpx

රුසියන් – යුක්රේන යුද්ධය හමුවේ ලෝකයේ ආහාර අර්බුදය

රුසියාව ලෝකයේ ප්‍රධාන පෙළේ තිරිගු අපනයනකරුවන්ගෙන් කෙනෙකි. තිරිඟු‍ අපනයනය කරන රටවල් අතර පස්වැනි ස්ථානයේ පසුවන්නේ යුක්රේනයයි. රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් යුක්රේනයේ තිරිඟු‍ නිෂ්පාදනය සහ අපනයනය බිඳ වැටුණි. රුසියාවේ තිරිඟු‍ නිෂ්පාදනය සහ අපනයනය බිඳ වැටුණේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට බටහිර රටවල් පැනැවූ සම්බාධක නිසාය.

යුක්රේනය ඔවුන්ගේ තිරිඟු‍ අපනයනය සිදු කරන්නේ කළු මුහුද හරහා එරට වරාය නගර තුනකිනි. ඔඩෙසා, කෙර්සෝන් සහ මයිකොලාව් යනු එම වරාය තුනය.

රුසියාවෙන් සහ යුක්රේනයෙන් තිරිඟු ආනයනය කරන ලොව ප්‍රධානතම රටක් වන්නේ ඊජිප්තුවයි. ඉන්පසු පිළිවෙළින් සෙසු තිරිඟු‍ ආනයනය කරන්නන් වන්නේ තුර්කිය, බංග්ලාදේශය, නයිජීරියාව, යේමනය, අසර්බයිජානය සහ සුඩානයයි. ලිබියාව, ලෙබනනය සහ ටියුනීසියාව ද මෙම ලැයිස්තුවට අයත් බව පැවැසෙයි. තිරිඟු‍ අවශ්‍යතාව ධනවත් හෝ සංවර්ධනය වූ රටවලට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවලට ද තිබේ. එහිදී සැපැයුම් දාමයට බාධා එල්ල වන්නේ නම්, මෙම රටවල් අර්බුදයකට ලක් වෙයි. ආහාර මිල තව තවත් ඉහළ යයි.

2020 දී තිරිඟු මිල සියයට 33 කින් ඉහළ ගියේය. යුද්ධය තව තවත් ඇදුණොත් තත්ත්වය තවත් දරුණු විය හැකිය. තත්ත්වය මග හරවා ගැනීමට ඇමෙරිකාව, කැනඩාව ඉදිරිපත් විය හැකිය. එහෙත්, එය අර්බුදය සමථයකට පත් කිරීමට ප්‍රමාණවත් වන්නේ නැත. යුක්රේනයේ යුද්ධය මුල්කොට ගනිමින්, ඉතාමත් බරපතළ ආහාර අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත්, එය ඉදිරි වසර 15 ක කාලය පුරා ලොවට බලපෑම් කරමින්, සාගතයක් නිර්මාණය කරනු ඇති බවත් නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවකදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මුළු ලොවටම අනතුරු ඇඟවීය. එම අනතුරු ඇඟවීම සුළුවෙන් තැකිය නොහැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles