ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු අද කෝප් කමිටුව හමුවට යළි කැඳවා තිබෙන අතර පෙරවරු 11ට ඔහු කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
පසුගියදා කමිටුව රැස්වූ අවස්ථාවේ දී කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් ප්රකාශ කළේ , ජූනි 10 වන දා කෝප් කමිටුවට පැමිණ සිදු කළ ප්රකාශයක් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා ලිපියක් යොමුකර ඇති බවයි.
අදාළ ලිපිය අනුව හිටපු සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු, යළි කමිටුව හමුවට කැඳවා ඔහු සමඟ සාකච්ඡා කර ලිපියේ සම්බන්ධ කරුණු ගැන තීරණයක් ගැනීමට කෝප් කමිටුව තීරණය කළ බව ද පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් කියා සිටියා.