මේ වන විට ලොව පුරා කොවිඩ් රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.
ඔවුන් පවසන්නේ ගෙවුණු සතියේ ලොව පුරා නව කොවිඩ් ආසදිතයින් මිලියන 3 කට අධික ප්‍රමාණයක් වාර්තා වූ අතර කොවිඩ් මරණ 50000 ට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.
පෙර සතියට සාපේක්ෂව එය 6% ක වැඩි වීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.
මේ අතර ප්‍රංශය හා ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසකින් ඉතා වේගයෙන් කොවිඩ් ආසදිතයින් වාර්තා වෙමින් තිබෙන අතර ඔස්ට්‍රියාව යළිත් වරක් වස දැමීමට එරට බලධාරීන් පසුගියදා තීරණය කළා .
ඉන්දියාවේද කොවිඩ් ආසදිතයින්ගේ යළි වර්ධනයක් පෙන්නුම් කරන බව එරට මාධ්‍ය වාර්තා කළා.