ලොව දුෂිතම වායු ගෝලය පවතින නගරය බවට පාකිස්ථානයේ ලාහෝර් නුවර පත් වී ඇති බව වාතයේ ගුණාත්මකභාවය පිලිබඳ විමසිල්ලෙන් පසුවන ස්විට්සර්ලන්තයේ “අයි.කියු එයාර්” තාක්ෂණ සමාගම විසින් නිකුත් කල වාර්තාවක දැක්වෙනවා.
වාතය දූෂණය වී ඇතැයි සැලකෙන්නේ වාතයේ ගුණාත්මකභාවය 300 සීමාව ඉක්මවා ගිය පසුවයි.
“අයි.කියු එයාර්” සමාගම විසින් නිකුත් කල වාර්තාවට අනුව පාකිස්ථානයේ ලාහෝර් නුවර වාතයේ ගුනාත්මකභාවය පසුවන්නේ 348ක් ලෙසයි.
ලාහෝර් නගරයේ වායු දුෂණය අවමකර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව පාකිස්ථාන බලධාරින් පවසන්නේ.
කෙසේ නමුත් ලාහෝර් නුවර වැසියන් පවසන්නේ වායු දුෂණය හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් මෙම තත්ත්වය අවම කිරීමට පාකිස්ථාන රජය තවමත් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.