වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම සහ ෆෆ් ඩු ප්ලෙසිස්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරඟයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා පහසු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ (8) සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192 ක් රැස් කළා.
ඉනිමේ පළමු පන්දුවෙන්ම විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගිය අතර ඔහු මෙවර තරග වාරයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගිය තෙවැනි අවස්ථාව මෙයයි
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 50කින් ලකුණු 73ක් ලබා ගත්තා
ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී ක්‍රියාත්මක වුණු දිනේෂ් කාර්තික් පන්දු 8 කින් වේගවත් ලකුණු 30ක් ලබා ගනිමින් ලකුණු 192 ක දැවැන්ත ලකුණු පුවරුවක් කරා සිය කණ්ඩායම රැගෙන ගියා
ලකුණු 193 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125ක් පමණයි.
සන්රයිසස් ඉනිම සම්පූර්ණයෙන්ම අඩපණ කළ වනිදු හසරංග ලකුණු 18කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව පහක්.
ඉනිමේ 17 වැනි පන්දුවාරයේදී වනිදු නිලකුණු පන්දුවාරයක් සටහන් කරමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.
ජොෂ් හේසල්වුඩ් සිය පන්දුවාර හතර තුළදී ලකුණු 17කට කඩුලු දෙකක් දවා ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ වනිදු හසරංගයි.