fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

වනිදු හසරංග තවත් පියවරක් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කළ නවතම පන්දුවාර 20 ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගතකිරීමේ ලැයිස්තුවේ තුන්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

එහිදී වනිදු හසරංග හිමිකරගෙන ඇති ළකුණු ගණන 173 ක්.

දෙවන ස්ථානයේ පසුවන්නේ බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් වන අතර ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමිකර ගෙන ඇත්තේ ඇෆ්ගන් ක්‍රීඩක මොහොමඩ් නබී.

ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වන විට වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගතකිරීම් හී අංක හතර ස්ථානයේ පසු වූ අතර සතියක පමණ කාලයක් තුළ ඔහු අංක 3 ට පැමිණීම විශේෂත්වයකි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest