fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයට තරග කාල සටහන එලි දක්වයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ලබන වසරේදී පැවැත්වීමට නියමිත 19 පහල එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ලබන වසරේ ජනවාරි 14වනදා සිට පෙබරවාරි 5 වෙනිදා දක්වා කොදෙව් දූපත් හි ක්‍රීඩාංගන 10 කදී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 16 ක් ඒ අනුව කාණ්ඩ 4 ක් යටතේ තරග වැදීමට නියමිත අතර සම්පූර්ණ තරගාවලියට තරග 48 ක් ඇතුළත් වනවා.

නිරෝධායන නීති සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුවෙන් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලියට එක් නොවන අතර ඒ වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම තරඟාවලියට එක් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ඩී කාණ්ඩය යටතේ අතර වදින අතර එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, ස්කොට්ලන්තය සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන ප්‍රථම තරගය පැවැත්වෙන්නේ ජනවාරි 14 වෙනිදා ගායනා හි දී ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest