ජනවාරි පළවැනිදා සිට වයස අවුරුදු 55 න් පසුව රාජ්‍ය සේවකයින්ට තමන්ගේ කැමැත්ත පරිදි විශ්‍රාම ගත හැකි බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමත් සමග මේ වසරේ දෙසැම්බර් මස විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් සම්බන්දයෙන් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.