නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම අනතුර සිදුවුයේ අද අළුයම 1.30ට පමණ.
අප වාර්තාකරු පවසන්නේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ තලවකැලේ සෙන්ක්ලෙයාර් වත්ත ප්රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවයි.
මොටර් රථයේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව හෝ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට තලවකැලේ පොලිසිය සැකකරනවා.
මේ අතර අනතුරෙන් තුවාල ලැබු රියදුරා මොටර් රථයේ අයිතිකරු වන අතර ඔහු බිමත්ව රිය ධාවනය කිරිමේ චෝදනාව මත ඉකුත් සතියේ තලවකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට අයකු බව සදහන්.
එහිදී ඔහු නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වරද පිලිගත් නිසා රු 25000 දඩයක් නියම වූ බවත්, රියදුරු බලපත්රය මාස තුනකට අත්හිටුවිමට මහෙස්ත්රාත්වරයා නියෝග කළ බවත් තලවකැලේ පොලිසිය පැවසුවා.
-හැටන් රංජිත් රාජපක්ෂ