fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

වාහන මිල පාලනයට විකල්ප ක්‍රම තිබුණත් බලධාරින් සාකච්ඡා කිරීම අකමැතියි – වාහන ආනයනකරුවන් – (Video)

වාහන ගෙන්වීම තහනම් කිරීමත් සමග මතුවූ ගැටලු විසඳා ගැනීමට ක්‍රමවේද තිබුණත් ඒවා සාකච්ඡා කිරීම පවා මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කල බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ අදහස් පළකරන්නේ ත්‍රිවිධ 24 සමග සංවාදයකට එක් වෙමින්.

මෙවර අයවැය යෝජනා තුළ වාහන ආනයනය හෝ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් කිසිදු සදහනක් දක්නට ලැබුණේ නැහැ.එනම් රජය වාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්මක වනවා.ගැටලුව වන්නේ දැනට භාවිතයේ තිබෙන වාහන අලුත්වැඩියා කිරීමටද නිසි ක්‍රමවේදයක් නොමැති කමයි.අමතර කොටස්වල හිඟයක් පවතින අතර ඇතැම් අමතර කොටස් විදේශ රටවලින් පුද්ගලිකව අමතර මුදල ගෙවා ගෙන්වා ගැනීමට වාහන භාවිත කරන පුද්ගලයින්ට සිදුවෙලා.

ඉදිරියේදී වාහන මිල මෙන්ම අමතර කොටස්වල මිලද ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ අදහසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest