ඔක්තෝම්බර් මාසයේ වැටුප ලබාදෙන ලෙස ඉල්ලා හැටන් වටවල ප්රදේශයේ වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.
වටවල මවුන්ට්ජින් වතු යායේ වතු කම්කරුවන් පිරිසකුයි මෙලෙස උද්ඝෝෂණයක නිරත වන්නේ.
ඔක්තෝම්බර් මස වැටුප නොවැම්බර් මස 10 වන දින ගෙවීමට නියමිතව තිබුනද එම වැටුප මෙතෙක් තමන්ට නොලැබුන බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.