fbpx

විදුලිය බල මණ්ඩල ඉංජිනේරු සංගමයට නිකුත් කළ වාරණය දීර්ඝ කෙරේ

මහජනතාවට විදුලිය සැපයීමේ දී, ඊට බාධාවන ආකාරයෙන් වැඩවර්ජන හා වෙනත් වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරත වීම වළක්වමින් ලංකා විදුලිය බල මණ්ඩල ඉංජිනේරු සංගමයට නිකුත් කොට තිබූ වාරණ නියෝගය ජූලි මස 06 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අද (22) ලංකා විදුලිය බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය යළි කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එසේ ම නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇති නම්, ඒවා ජූලි මස 6 වැනි දා ගොනු කරන ලෙස ද විනිසුරුවරිය විත්ති පාර්ෂවයට නියෝග කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles