fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

විනිමය ඉපැයීම් හා ඩොලර් හිඟයට අයවැයෙන් විසදුමක් ලැබුණද..?

අපනයන නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල ආදී පරාධීන නොවන ආර්ථික සැලසුම් මගින් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත්වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

ඔහු මේ බව පැවසුවේ අද(13) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින්.

ඊයේ පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ විදේශ විනිමය උපාය ගැනීම සදහා අලුත් ප්‍රවේශ කරා යා යුතු බවයි.
ජාත්‍යන්තර ණය ලබා ගැනීම මගින් එය විසදා ගත නොහැකි බවද මුදල් අමාත්‍යවරයා පැවසුවා.

ඔහු පැවසුවේ වෙළඳ භාණ්ඩ අපනයනය දිරිමත් කිරීම මගින් විදේශ විනිමය ඉපැයීම් දිරි ගැන්විය හැකි බවයි

මේ අතර සංචිත අවම හා වීම ඩොලර් හිඟය මගහරවා ගැනීමට මෙවර අයවැයෙන් කෙටි කාලීන හා දිර්ගකාලින වැඩපිළිවෙලක් නොමැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව බලයට පැමිණ විගස ලබාදුන් බදු සහන මෙවර අයවැයෙන් පෙර පැවති තත්වයට ගෙන එනු ඇති බවට අපේක්ෂා කලත්එ ය සිදු නොවූ බවයි.

එසේම කොවිඩ් තත්වය හමුවේ විශාල ලෙස ලාභ ලබන අංශ බිහිවුනද එවැනි අංශ බදු වලට යටත් කල යුතුව පැවති නමුත් එවැනි දෙයක් මෙම අයවැයෙන් සිදුනොවූ බවද ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest