fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

විරුද්ධ පක්ෂයේ සාධනීය අදහස් වලට සවන් දෙන්න සුදානම් – අගමැති

කොවිඩ් වසංගතය හමුවේ රජයක් ලෙස පළමුව පියවර ගත්තේ ජනතාව ආරක්ෂා කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට පියවර ගනිමින් සිටින බවයි.

විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන සාධනීය අදහස් වලට සවන් දෙන්න සුදානම් බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.

විවේචන සාවදානයෙන් අහන් ඉන්නවා වගේම සාධාරණ විවේචන පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර සාකච්චාවට භාජනය කරන බවත් , ඒ පිළිබඳව රහසිගතව කිසිදු පියවරක් නොගන්නා බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest