ලක්ෂ හය හමාරක් වන මෙරට විශ්‍රාමිකයන්ට මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ (14) කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
ජනතාව බලාගෙන සිටියා මේ අයවැයෙන් සහනයක් ලැබෙයි කියලා. අද භාණ්ඩ මිල පාලනය කිරීම කළු කඩ මුදලාලිට දීලා . මුදල් ඇමති වක්‍ර බදු ආපසු වැඩි කරලා අයවැයෙන්. වක්ක බදු වැඩි උනාම ආපසු අපි කන බොන හැමදේම මිල වැඩි වෙනවා. තුන් වේලක් කන්න බැරුව එක වේලක් කකා හිටපු ජනතාවට ඒ වෙලත් කන්න බැරි තත්ත්වයට පත් කළා. ග්‍රාම සේවා මට්ටමෙන් තමන්ගේ හෙන්චයියන්ට මුදල් වෙන් කරලා මේ අයවැයෙන් . ගෝලබාලයන්ට කොන්ත්‍රාත් කරලා සල්ලි හම්බ කරගන්න විශාල මුදලක් වෙන් කරලා. තමන් සහ තමන්ගේ ගෝලයන්ට කාලා බීලා හිටියොත් ඇති කියන අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. නිදහසින් පසු ඉදිරිපත් කළ අසාර්ථකම අයවැය තමයි බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළේ.මහබැංකු පාඩුවේ මුදල් භාණ්ඩාගාරයට එකතු කරන්න යෝජනා කළා. අපේ කාලයේ මේ පාඩුව වෙනුවෙන් බිලියන 11 හමාරක් රදවාගෙන තිබ්බා ඒකෙන් 8.5 තමයි මේ වෙන් කරගෙන තියෙන්නේ. අපි අහනවා සීනි බදු වංචාව කෝටි 3500ක් විතර පාඩුවක් සිද්ධ වුුුනා. එතකොට මේ පාඩුවත් පියවගන්න කටයුතු කරනවාද . සීනි විතරක් නෙමෙයි corona එන්නත් වලින්, ඇන්ටිජෙන් වලින් සුදු ලූනු වලින් මේවායේ පාඩුවත් රටට අය කරගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.අද රාජ්‍ය සේවකයෝ ඉන්නවා ලක්ෂ 14ක්. ඒ අයගේ වැටුප් ගැන කතාවක් නැහැ අද උද්ධමනය වැඩි වෙලා එතකොට ඒ අය ජීවත් වෙන්නෙ කොහොමද. ඒ වගේම මේ රටේ විශ්‍රාමිකයෝ ඉන්නවා ලක්ෂ හය හමාරක්. මේ ඇතිවෙලා තියෙන උද්ධමනයත් එක්ක විශ්‍රාමිකයින් ඉතාමත් අමාරු තැනකට වැටිලා. රාජ්‍ය සේවකයා, විශ්‍රාමිකයාට මේ අයවැයෙන් කිසිම දෙයක් නැහැ.