fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට එරෙහි පෙත්සම ජනවාරි 21 කැඳවයි

සිය විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් ජනවාරි මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු වන කේ. ඒ. තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශවය පවසන්නේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 වසරේ ජනවාරි මස 20 වන දා නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් තමන්ට හිමිවීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් වර්ධක සියල්ල කප්පාදු කර ඇති බවයි.

ඒ තුළින් විශ්‍රාමිකයින්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් තම විශ්‍රාම වැටුප් වර්ධක කඩිනමින් ගෙවන ලෙසට රජය වෙත රිට් ආඥාවක් නිකුත් කළ ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

-අධිකරණ වාර්තාකරු උදය කුමාර-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest