fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

විශාල කැස්බෑවෙකු පණ පිටින් රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්ගලයෙකු යාපනය පොලිසිය විසින් ඊයේ(11)අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ කුඩා ලොරියකින් කැස්බෑවා පටවාගෙන යමින් සිටියදී සැකකරු නාවන්තුරෙයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

ඔහු යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

කැස්බෑවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව පවසන පොලිසිය යාපනය අධිකරණයේ නියෝග මත හා වනජීවි නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් කැස්බෑවා නැවත මුහුදටම මුදා හැරීමට කටයුතු කළ බව යාපනය පොලීසිය පැවසුවා .

-වන්නි රොමේෂ් මධුෂංඛ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest