අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්වීම Zoom හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
එම රැස්වීම අද සවස 3.00 ට පැවැත්වීමට නියමිත අතර රට තුළ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ එම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට නියමිත බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ.
මීට පෙර මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පක්ෂනායක රැස්වීමක් සිදුනොකරන බවට කථානායකවරයා විසින් නිවේදනය කර තිබුණා.