යුධ හමුදා විශේෂ බලකා පාඨමාලා හැදෑරූ නිලධාරීන් හත් දෙනෙකු ගේ සහ සෙසු නිලයින් දෙසිය තිස් පස් දෙනෙකු විසිර යෑම මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ දී අද සිදු කෙරුණා.
ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්.
පාඨමාලාවේ දක්ෂතම සිසුවා ලෙස ලුතිතන් ඩබ්ලිව් කේ වී දිනූශක ශුරතාවය දිනාගත් අතර දක්ෂතම වෙඩික්කරු හා ශාරීරික අභ්‍යාස සිසුවා ලෙස ලාන්ස් කෝප්රල් එච් ඩබ්ලිව් අයි වී ලක්ෂාන් විසින් ශුරතාවය දිනා ගත්තා.