fbpx

වෙසක් උත්සවය නිමිත්තෙන් සියලු සුරා සැල් වැසෙයි

2022 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් 2022 මැයි මස 15 වන වෙසක් පුන් පසලොස්වක් පොහෝ දින හා 2022 මැයි මස 16 වන වෙසක් දිනට පසු දිනය යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියඵම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම දිනයන්හි සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියඵම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles