fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ගන්න එපා – සෞඛ්‍ය විශේෂඥයින්

ප්‍රතිජීවක ඖෂධ හෙවත් (Antibiotic) ඖෂධ අවභාවිතය සහ අධිභාවිතය හේතුවෙන් සෞඛ්‍ය ප්‍රශ්නවලට රැසක් මතුව ඇති බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය අවධාරණය කරනවා.

ඔවුන් මේ බව පැවසුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති කොළඹ ජාතික රෝහලේ සායනික ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය පැවසුවේ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ ද ඇන්ටිබයෝටික් ලබා ගැනීමට පෙළඹී සිටින අතර විශේෂයෙන් එය වෛරසයක් හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයක් නිසා මුල් අවදියේ ඇන්ටිබයෝටික් ගැනීම කිසිලෙසකින්වත් සුදුසු නැති බවයි.

සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කොවිඩ් 19 ආසාදනය වීමට අන්ටිබයෝටික් ලබාදෙන්නේ එම රෝගී තත්ත්වය සමඟ පසුකාලීනව ඇතිවන බැක්ටීරියා ආසාදනයන්ට වන අතර වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇන්ටිබයෝටික් ලබා ගත යුතු නැති බවයි පටබැඳිගේ මහත්මිය පෙන්වා දුන්නේ.

විශේෂයෙන් ඇන්ටිබයෝටික් ලබාදෙන්නේ බැක්ටීරියා ආසාදනයට වන අතර එයටද බරපතල ආසාදන තත්ත්වයක් තිබිය යුතු බවත් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව හිතුමනාපයට එම ඖෂධ ගැනීමේ බරපතල ප්‍රතිඵල ඇති විය හැකි අතර එය ගෝලීය සෞඛ්‍යයටද දැඩි බලපෑමක් බව ඇය පැහැදිලි කළා.

එම නිසා ඇන්ටිබයෝටික් ඖෂධ අවභාවිතය සහ අධි භාවිතය වළක්වා ගැනීමට අද සිටම ක්‍රියාත්මක විය යුතු බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest