පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පෙරවරුවේ චීනයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, සාකච්ඡා අතරතුර අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව “එක් චීනයක්” ප්‍රතිපත්තියට අනුගත වන බව නැවත අවධාරණය කළ බවයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, චීන නියෝජ්‍ය තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව විමසා සිටියේය.
ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බව චීන නියෝජ්‍ය තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට සහතික වී තිබෙනවා.