ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
පළමු දිනයට තරඟය නිමා කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කදුළු 3 ක් දැවී ලකුණු 267 ලබා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන නායක දිමුත් කරුණාරත්න සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 132 ක් ලබා ගත්තා. ඊට හතරේ පහර 13 ක් ඇතුලත්.
පැතුම් නිස්සංක හා ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කළා.
පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් කදුළු 2ක් හා ශැනන් ගේබ්‍රියෙල් 1ක් කඩුල්ල බැගින් දවා ගත්තා.
හෙට (22) තරඟයේ දෙවැනි දිනයයි.