fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පුහුණු තරගය හෙට

2022 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (19) සිය පළමු පුහුණ තරගයට සහභාගී වීමට නියමිතයි,

ඒ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟයි.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ රාජ්‍යයෙයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කරන අතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ නෙදර්ලන්තය මූලික වටයේ ප්‍රතිවාදීහු වෙති.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 23 වැනිදා නෙදර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි.

2022 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මාර්තු මස නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest