fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ශ්‍රී ලංකා පා පන්දු කණ්ඩායම අවසන් මහා තරගයට

බංග්ලාදේශ කණ්ඩායම ගෝල 2-1 ක් ලෙසින් ඊයේ (16) පරාජයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකා පා පන්දු කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ පා පන්දු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා සීෂෙල්ස් රාජ්‍ය අතර අනිද්දා (19) රාත්‍රී 8 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්මට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ අහමඩ් වසීම් රසීක් ගෝල 2 ම වාර්තා කරමින් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත්‍තා.

ශ්‍රී ලංකාව 2006 වසරෙන් පසුව අන්තර් ජාතික පා පන්දු තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවයි මෙයයි.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පා පන්දු තරගාවලිය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සීෂෙල්ස් රාජ්‍ය හා මාලදිවයින යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වුණ අතර එහිදී අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී මාලදිවයින හා බංග්ලාදේශය යන කණ්ඩායම් සීෂෙල්ස් රාජ්‍ය හා ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest