පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක්වීම සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දඬුවම් ලබා දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා.
එමෙන්ම ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකථන සංවාදයකදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.
මේ අතර ඝාතනයට ලක්වූ වූ ශ්‍රී ලාංකිකයාට පකිස්තාන රජය විසින් වන්දියක් ලබාදීමට කටයුතු කරන බව එරට ජනමාධ්‍ය අමාත්‍ය සහ රජයේ මාධ්‍ය ප්‍රකාශ ෆවාඩ් චෞද්රි මහතා සිය නිල ට්විටර් ගිණුමට පණිවුඩයක් එක්කරමින් පවසනවා.
ඒ සදහා විදේශ අමාත්‍යාංශය මේවනවිටත් කටයුතු කරමින් සිටීන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.