පාකිස්තානයේ, සියාල්කෝට් හි පිහිටි කර්මාන්ත ශාලාවක ශ්‍රී ලාංකික සාමාන්‍යාධිකාරිවරයෙක් එම කර්මාන්ත ශාලාවේම සේවකයින් විසින් සිදුකළ පහරදීමකින් ඝාතනයට ලක්වී තිබෙනවා.
මෙම ඝාතනයෙන් අනතුරුව අදාළ සාමාන්‍යාධිකාරිවරයාගේ සිරුරට ගිනි තබා ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ.
ආගමික මතවාදයක් මුල් කරගත් සිදු වීමක් මෙම ඝාතනයට මුල්වී ඇති බවට එරට පොලිසිය සැක කරනවා.