2022 චීනයේ බීජිං හි පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික ලෙස වර්ජනය කරන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා.
චීනයේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් පවතින කනස්සල්ල හේතුවෙන් එක්සත් ජනපදයේ කිසිදු නිල නියෝජිතයෙකු මේ සඳහා සම්බන්ධ නොවන බවට ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත් එක්සත් ජනපද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ විය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.