fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

සංගීතවේදි ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්ප්‍රප්ත වෙයි

මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්ම වෙ‍ළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගු කලක් තිස්සේ අසනීප තත්වයෙන් පසු වූ ඔහු මියයන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවුණා.

ලක්ෂමන් විජේසේකර ගායන ශිල්පියා විසින් ගායනා කල බාල ළමාවරුනේ, දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර , ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, සඳ කිණිති නැමී ආදි ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත ලෙස සැලකිය හැකි ය.

එසේම, විලම්බීත (ටී.බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණයද සිදු කලා. අභවප්‍රාප්ත රංගනවේදීනි චන්ද්‍රා කලුආරච්චි මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දියණිය වන්නේ කලාශිල්පිනි අමා විජේසේකරයි.

අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest