සමගි ජනබලවේගයේ මන්ත්රීවරු අදත් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම මෙම විරෝධතාවයේ අරමුණ බව සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් පවසනවා.
මේ සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරන බවද ඔවුන් පවසනවා.
පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ මන්ත්රී මනුෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයෙන් එල්ලවූ තර්ජනය මෙම උද්ඝෝෂණයට ප්රධාන හේතුවයි.