සජබ විරෝධතාවයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට බියගැන්වූ පුද්ගලයා මන්දමානසික අයෙක්
සමඟි ජනබලවේගය පැවැත්වූ විරෝධතාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සදහන් කල ලිපියක විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දමා ගිය පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම බියගැන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා විසින් කුරුදුවත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකල විමර්ශනයකදියි.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු මන්දමානසික රෝගී තත්වයකින් පෙලෙන පුද්ගලයෙකු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුදුවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා