පසුගියදා “ගෝඨා ගෝ ගම” සහ “මයිනා ගෝ ගම” යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් හතර දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා නීතීඥ සංගමය සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය කලා.