මීට මාස කීපයකට ඉහතදී දික්වැල්ලේ දී ඝාතනයට ලක් වූ අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුද්දා නමැත්තාගේ ඝාතනයේ ප්රධාන සැකකරු වන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්රදේශයේ සඟවා තබා ඇති බවට ප්රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්රහාරය එල්ල කළ බවයි පොලිසියේ උස්ස නිලධාරියකු පවසුවේ.
මාතර ප්රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව සදහන්.