fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

සඳහිරු සෑය අනවශ්‍ය ධනය වියදම් කිරීමක් – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

සඳහිරු සෑය ඉදිකිරිම අනවශ්‍ය ධනය වියදම් කිරීමක් ලෙස තමන් සලකන බව හිටපු පුරාවිද්‍යා අධක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා.

තමන් තනතුර දැරූ සමයේ මෙය ඉදිකිරීමට අනුමැතිය දුන් නමුත් එය එවක රජයේ දැඩි ඉල්ලීම මත පමණක් සිදුවූවක් බව ඔහු පවසනවා.

ත්‍රිවිධ 24 වෙත අද අදහස් දැක්වූ පුරාවිද්‍යා හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසුවේ සඳහිරු සෑය ඉදිකිරීමේදී මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටි අනුරාධපුර පුජා භුමියේ ස්ථාන තුනක් තමන් ප්‍රතික්ෂේප කල බවයි.

එම ස්ථාන තුන වන්නේ රුවන්වැලි සෑය – ශ්‍රී මහා බෝධිය අතර කොටසේ ස්ථානයක්,ඇතුළු නගරයේ ස්ථානයක් හා බුද්ධ ශ්‍රාවක ධර්ම පිඨය හා රුවන්වලි සෑය අතර කොටසේ ස්ථානයක් බව දිසානායක මහතා පැවසුවා.

මේ ස්ථාන තුනම ප්‍රතික්ෂේප කලවිට සඳහිරු සෑය ඉදිකිරීමට පුජා නගරයට ආසන්න ස්ථානයක් දෙන ලෙසට සිදුකල බලකිරීම නිසා පුරාවිද්‍යා ස්මාරක හෝ නටබුන් නොමැති අනුරාධපුර කුරුණෑගල මංසන්ධියේ ස්ථානය නිත්‍යානුකුලව වෙන්කර දුන් බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔහු පවසන්නේ එවක පැවති රජයෙන් මෙන්ම යහපාලන රජයෙන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි රාජකාරිය කල නිලධාරීන්ට අනිසි බලපෑම එල්ලවූ බවයි.

නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම රටේ පරිහානියට බලපා ඇති ප්‍රධාන සාධකය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයාගේ මතයයි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest