මැග්ඩලීනා ඇන්ඩර්සන්, ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත් වී පැය කිහිපයකින් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සහභාගී වූ ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය වැය යෝජනාව පරාජයට පත් වීමත් සමඟයි.
ඇය පළමු වරට ඉදිරිපත් කළ අය වැය යෝජනාව පිළිගත නොහැකි එකක් බවයි ඇය පිහිටවූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය සඳහන් කළේ.
කතානායකවරයාට ඉල්ලා අස්වීම භාර දීමෙන් අනතුරුව ඇය සදහන් කළේ තනි පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවා යළි බලයට පත්වන බවයි.
ඒ අනුව ස්වීඩනයට පත් වූ පළමු අග්රාමාත්යවරියවන මැග්ඩලීනා ඇන්ඩර්සන් එම ධූරයේ රැඳී සිටියේ පැය 12කටත් අඩු කාලසීමාවක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.