fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් ව ජනාධිපතිට සහය දෙන්න (Video)

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් ව, නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන වැඩපිළිවෙළට රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සහාය හිමි විය යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.

අනුරාධපුර, ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අබියස ඊයේ පැවති ආශිර්වාද පිංකමේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, රටට සහ ජනතාවට ආශිර්වාද පළ මිරිමට මෙම පිංකම සංවිධානය කර තිබුණා.

මෛත්‍රිය, දයාව සහ අධිෂ්ඨානය ප්‍රතිපත්තිය කර ගත් වත්මන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රට වෙනුවෙන් සුවිසල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ අතර මෙම පිංකමේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින්, පාලකයන්ට අපහාස කිරීමෙන් හෝ බැණ වැදීමෙන් මෙම දුෂ්කර අවස්ථාවෙන් එගොඩ විය නො හැකි බව,මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවසිය

උන්වහන්සේ පවසන්නේ රටේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගය සහ අවංක කැපවීම අවශ්‍ය බවයි.

අතීතයේ මෙන් ම පසුගිය යුද ජයග්‍රහණයේදී ද මහා සංඝරත්නය රාජ්‍ය නායකත්වයට අවවාද අනුශාසනා ලබා දුන් බව පැවසූ පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා කෙරෙහි නිරන්තරයෙන් ඇහුම්කන් දෙන නායකයන් බව සඳහන් කළහ.

මෙම පිංකමේදී රුවන්වැලි මහා සෑ රදුන් වෙනුවෙන් ඖෂධ සහ චතුමධුර පූජාව සිදු කොට ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රුවන්වැලි මහා සෑ රදුන් වෙනුවෙන් පැවති විශේෂ චීවර කප්රුක පූජාවට එක් විය.

ත්‍රෛනිකායික මහා නායක, අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest