පොලිස් අත්අඩංගුවේ සිටියදි සැකකරුවෙකු මිය යෑමට විරෝධය පළකරමින් ඇඹිලිපිටිය පනාමුර පොලිසිය ඉදිරිපිට අද උදෑසන උණුසුම්කාරී තත්වයක් හට ගත්තා.
අප වාර්තාකරු ජයන්ත නානායක්කාර පවසන්නේ ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ 38 හැවරිදි පුද්ගලයෙකු ඊයේ සවස පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පනාමුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අනතුරුව ඔහු පොලිසිය තුලදී මියගොස් තිබෙනවා.එය සියදිවි නසා ගැනීමක් බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් මීට විරෝධය පළකරමින් පනාමුර වැලිපොතයාය ගම්වාසීන් අද උදෑසන පනාමුර පොලිසිය ඉදිරිපිටට රැස්වී විරෝධය පලකලා.
ඔවුන් මේ වනවිට ඇඹිලිපිටිය – කොලොන්න ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වන බව අප වාර්තාකරු පවසනවා.
මේ පිළිබඳව ත්‍රිවිධ 24 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසීමක් කල අතර ඔහු පැවසුවේ පවුලේ දියණියක විසින් තමන්ට නිරන්තරයෙන් පියා හිරිහැර කරන බවට කරනලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
අනතුරුව ඔහු සිය කමිසය භාවිත කරමින් සිර මැදිරියේ යකඩ කුරුවල ආධාරයෙන් ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා
ජයන්ත නානායක්කාර