fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

සෑම ගැටලුවක්ම දෙරටේ දීර්ඝකාලීන මිතුදමට ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් විසඳාගත යුතුයි – ශ්‍රී ලංකාවේ චීන තානාපති

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhen Hong මහතා ඊයේ (14) පස්වරුවේදී අස්ගිරි පාර්ශවයේ මහා නාහිමි අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දුටුවා.

අස්ගිරි මහනාහිමියන් බැහැදුටු චීන තානාපතිවරයා සඳහන් කළේ දෙරටේ මිත්‍රත්වය වසර 4000 ක් ඉක්මවා පවතින බවත් එම තත්ත්වය තවත් වර්ධනය කිරීමට තමන් බලාපොරොත්තුවන බවයි.

මහනාහිමියෝ මෙහිදී පවසා සිටියේ දෙරටේ මිත්‍රත්වය පෙර රජ දවසේ සිට පැවත එන්නක් බවත් චීන රජය බොහෝ අසීරු අවස්ථාවන්හි අප රටට සහාය ලබාදී ඇති බවත් කොවිඩ් මර්දනය සඳහා ලබාදුන් සහය අගයන බවයි.

එම අවස්ථාවේදී අස්ගිරි මහ විහාර කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි සඳහන් කළේ මේ වන විට ගැටලුවක්ව පවතින චීන කාබනික පොහොර ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත් නොකර ගත යුතු බවයි.

සෑම ගැටලුවක්ම විසඳා ගැනීමේ මගක් අනිවාර්යෙන් පවතින බවත් මෙම ප්‍රශ්නය දෙරටේ ප්‍රශ්නයක් නොවන බවත් චීන පොහොර නැව රාජ්‍ය ගැටලුවක් නොව එය වාණිජ වශයෙන් විසඳාගත යුතු ගැටලුවක් බවයි චීන තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

පූර්ව තොගයේ තත්ත්වය පිළිබඳව මේ වන විට ද පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඉතා ඉක්මනින් මෙම ගැටළුව නිමවන බව ද තානාපති වරයා පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest