පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඒ අනුව අද(15) උදෑසන 10 ට පමණ එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි ත්‍රිවිධ24 අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
සිරිල් ගාමිණි පියතුමන්ට එරෙහි පැමිණිල්ල ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ මේජර් ජෙනරාක් සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර තිබෙනවා.
කෙසේ වෙතත් සිරිල් ගාමිණි පියතුමන් අවස්ථා කීපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පසුගිය 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.