fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

සුදන්දිරපුරම් කැනීම් ස්ථානයේ කැනීම් කටයුතු කල් දමයි (Photos)

එල්.ටි.ටි සංවිධානය විසින් අවි ආයුධ සහ රත්‍රන් වළදමා ඇති බවට සැකකෙරෙන මුලතිව් පුදුකුඩිරිප්පු සුදන්දිරපුරම් ප්‍රදේශයේ කැනීම් කටයුතු තෙවැනි දිනයටත් එළැඹෙන 06 වැනිදා සිදුකරන බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අදාළ කැනීම් ස්ථානයේ කැනීම් කටයුතු මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා ඉදිරියේ දෙවැනි දිනට ඊයේ(03) සිදුකළද අදාළ ස්ථානයෙන් කිසිවක් හමු නොවු බවයි.

එල්.ටි.ටි සංවිධානය අදාළ ස්ථානයේ වළදමා තිබූ බව කියන රත්‍රන් ගොඩගැනීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් වත්මන් අමාත්‍යවරුවන් දෙදෙනකුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයක් පවතින බවට පසුගියදා මාධ්‍ය වෙත වාර්තා කර තිබුනා.

මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ බැකෝ යන්ත්‍ර යොදා කැනීම් සිදුකළද අදාළ ස්ථානයේ ජලය රැස්වීම හේතුවෙන් කැනීම් කටයුතු ඊයේ(03) සවස නවත්වනු ලැබු අතර ඒ හේතුවෙන් කැනීම් කටයුතු යලි එළැඹෙන 06 වැනිදා නැවත සිදුකිරීමට නියමිතයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසසන්නේ අදාළ ස්ථානය වෙත පොලිස් ආරක්ෂාව යොදවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇති බවයි.

ත්‍රිවිධ 24 වාර්තාකරු මාධව කුලසූරිය

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest