සංචාරක අමාත්‍යංශයේ අනුමැතිය ඇති හෝටල්වල කාමර පහසුකම් ලබාගන්නා අයට පමණක් නත්තල් දින මත්පැන් මිලදී ගැනීමට අවසර ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මිට පෙර ද එම අවසර ලබාදී තිබුනේ මේ ආකාරයටම බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.
නත්තල් දින කිසිදු අයුරකින් ප්‍රසිද්ධියේ මත්පැන් අලෙවි කිරීමට තම දෙපාර්තමේන්තුව කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඊයේ (12) දිනයේදී ගනේමුල්ල, බොල්ලත දේවස්ථානයක දේව මෙහයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් කියා සිටියේ වෙසක් පොහොය දින මෙන්ම නත්තල් දිනද මත්පැන් අලෙවිය තහනම් කළ යුතු බවයි.
එමෙන්ම ආසියාවේ ආශ්චර්ය ,සෞභාග්‍යයේ දැක්ම යනු නත්තල් දවසේ මත්පැන් බීමට පහසුකම් සැලසිමදැයි අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් එහිදී රජයෙන් විමසා සිටියා.