fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

සෞඛ්‍ය අංශ කිහිපයක් දියත් කළ සංකේත වැඩ වර්ජනය අවසන් කෙරේ

හෙද ඇතුළු වෛද්‍ය සේවාවවලට අයත් වෘත්තිය සමිති 16ක් එක්ව ඊයේ (09) ආරම්භ කරන ලද පැය 24ක සංකේත වැඩවර්ජනය අද (10) උදැසන අවසන් කළ බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසනවා.

ඔවුන් මෙලෙස වැඩවර්ජනයක නිරත වුයේ වැටුප් විෂමතා ඉවත් කිරීම, වෘත්තීමය උපාධියට හිමි තනතුරුවල පිහිටුවීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් පිහිටුවීම සහ මාණ්ඩලික සේවා චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කරගනිමින්.

හෙද, වෛද්‍ය රසායනාගාර, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් ඇතුළු වෘත්තීයවේදින් 50,000ක් පමණ එම වර්ජනයට එක්වූ බවයි හෙද සංගම් පැවසුවේ.

මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ කොවිඩ් රෝහල් ඇතුළු විශේෂිත රෝහල් කිහිපයක හැර අනෙකුත් සියලුම රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වී තිබුණා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest