නිරෝධායන නීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
දෛනිකව 700 සීමාව ඉක්මවා කොවිඩ් රෝගීන් වාර්තාවන පසුබිමක ඇතැම් පුග්ලයින් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන බවයි පොලිසිය පවසන්නේ.
එවැනි පුද්ගලයින්ට නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මේ මස අවසානයේ එම වැඩසටහන ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.