fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කෙරේ

අද දින අවසන් වීමට නියමිතව තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පැවති කොවිඩ් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා.

” ඉදිරි දින 15 ක් එහෙමත් නැත්නම් දෙසැම්බර් මාසේ අවසානය දක්වා දැනට මේ තියෙන මාර්ගෝපදේශවල ලොකු වෙනසක් කරන්නේ නැතුව දීර්ඝ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අලුතින් සීමා කිරීම් කරන්න දැනට බලාපොරොත්තුවක් නෑ. අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. එකක් තමයි අපි දැනට අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත දෙන්න තීරණයක් අරන් තියෙනවා. ඒ නිසා තමන් ලඟම තියෙන රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පවත්වන සායන මධ්‍යස්ථානයකින් මෙම එන්නත හැකි ඉක්මණින් ලබාගන්න. අපි මෙම බූස්ටර් එන්නත විශේෂයෙන් කර්මාන්ත ශාලා ඒ වගේම රාජ්‍ය ආයතන සඳහාත් ලබාදීම ආරම්භ කරලා තියෙනවා. එම ආයතනවල සේවය කරන සියලුදෙනාගෙන් ම කාරුණික ඉල්ලීමක් කරනවා. අපි දකින දෙයක් තමයි බලාපොරොත්තු වුනාට වැඩිය අඩුයි එන්නත ගන්න එන පිරිස. නමුත් මම හිතනවා අපිට මේ අත්දකින රෝගීන් පාලනය වෙලා තියෙන්නේ එන්නත්කරණයේ ප්‍රතිඵලයක් විදියට. තවදුරටත් අපිට රට විවෘත කරගෙන අපේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අපි මෙම බූස්ටර් එන්නත අනිවාර්යයෙන්ම ලබාගත යුතු වනවා.”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest