fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය ඇරඹේ

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබුනා.

ඒ අද (24) පෙරවරු 07.00 සිට පැය 48ක කාලයක් එම සංකේත වැඩවර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව හෙද වෘත්තීය සමිති සඳහන් කරනවා.

සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවා.

ඒ අනුව මෙම වැඩවර්ජනය හේතුවෙන් අද උදෑසන දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම්, රුධිර සාම්පල ලබාගැනීම් සිදු නොවීමෙන් තමන් අපහසුතාවයට පත් වූ බව ඔවුන් පවසනවා.

කෙසේ නමුත් වර්ජනය ක්‍රියාත්මක වුවද කොළඹ ජාතික රෝහලේ සායන කටයුතු අද දිනයේ සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරය දැක ගන්නට ලැබුණා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest