හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ නොර්වුඩ් සිට බගවන්තලාව කැම්පියන් නගරය දක්වා මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස බල කරමින් එම මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවක නිරත වුණා.
ඒ එම මාර්ගය ටින්සින් නගරයෙන් අවහිර කරමින්.
නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු පෞද්ගලික කොන්ත්රාත් සමාගමකට පවරා තිබෙනවා.
මෙම ප්රතිසංස්කරණ කටයුතු මීට වසරකට පෙර ආරම්භ කර ඇති අතර මේ වන විට එම කටයුතු මන්දගාමිව සිදුවන බැවින් මාර්ගයේ විශාල වලවල් හෑරී ඇති බවත් මේ නිසා මේ මාර්ගයේ ගමන් ගන්නා වාහන නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වන බවත් ඒ හේතුවෙන් රිය අනතුරු ඇති වීමේ අවධානමක් පවතින බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ත්රිවිධ 24 නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි .රංග දේවප්රිය මහතාගෙන් විමසීමක් කලා.
එහිදි ඔහු කියා සිටියේ පසුගිය කාලය තුළ එම ප්රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ප්රතිසංස්කරණ කටයුතු අඩාල වූ බවයි.
කෙසේ වෙතත් මේ මස අවසන් වීමට ප්රථම නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කිලෝමීටර් 7ක දුර ප්රමාණයක් සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කිරීමට කොන්ත්රාත් සමාගම පොරොන්දු වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.