fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

හිජාස් හිස්බුල්ලා ගේ ඇප ඉල්ලීමට නීතිපති විරුද්ධවෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමට නීතිපතිවරයා අද(09) විරෝධතා ඉදිරිපත් කළා.

ඒ අභියාචනාධිකරණය හමුවේ අද පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී.

මෙම පෙත්සම සලකා බලන්නේ මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ.

එහිදී රැඳවුම්භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති බව දැනුම් දුන්නා.

එම නඩුවට අදාළව ඇප නියම කරන ලෙස තම සේවාදායකයාගේ නීතිඥවරු මහාධිකරණයට ඉල්ලීම් ඉදිරිපත් කළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය යටතේ විත්තිකරු ඇප මත මුදා හැරීමට තමන්ට බලයක් නොමැති බව මහාධිකරණ විනිසුරුවරිය විසින් තීන්දුකර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන මෙම ඇප ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් තමන්ට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 13 වනදා ට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ජනවාරි මස 18 දා විභාගයට ගන්නා බවත් නියෝග කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest