මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 550,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ කොවිඩ් පරීක්ෂණ සිදුකර තහවුරු කිරීම් ප්‍රමාද වූ නව කොවිඩ් ආසාදිතයින් 1,345 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
එම ආසාදිතයින් ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 04 දක්වා කාලය තුල වාර්තා වූ ආසාදිතයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 550,845ක් ලෙසයි.